නිවිතිගල සංගීත සංදර්ශනයක් අතරතුර ගැටුමක්

ඊයේ රාත්‍රියේ නිවිතිගල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට භාණ්ඩ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වාර්තා වන අන්දමට මධ්‍යම රාත්‍රී 12 ට සංදර්ශනය අවසන් වීමෙන් පසු ආරවුලක් හටගෙන ඇත.

ඉන් පසුව කෝපයට පත් පිරිස සංගීත කණ්ඩායම වෙත යම් යම් දේ ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ගේ උපකරණ කිහිපයකට හානි කර ඇත.

සංගීත සංදර්ශනය නැවැත්වීමෙන් පසු බීමතින් සිටි ප්‍රේක්ෂකයින් පිරිසක් සංගීත කණ්ඩායමට පහර දී ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් අනාවරණය කරගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *