නිල වාහන හිමිකම් නොමැති නිලධාරින්ට ප්‍රවාහන දිමනා ගෙවලා

රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාව  නිලවාහන සදහා හිමිකමක් නොමැති  ස්ථිර පදනම මතබදවාගත් නිලධාරින් 41 දෙනෙකු ට සහ කොන්ත්‍රාත් පදනම මත බදවාගත් නිලධාරින් 10 දෙනෙකුට මාසික ප්‍රවාහන දිමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ් සදහා රුපියල් හතලිස්එක්ලක්ෂ,දොළොස්දහස් පන්සියයක මුදලක්(4,112,500)මුදලක්   වැය කර ඇතැයිද ඒම වාර්තා පෙන්වා දෙයි.

රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාව  සම්බන්දයෙන් 2023 මාර්තු මස31 දිනෙන් අවසන් වර්ෂය සදහා නිකුත් කරණු ලැබු  විගණන වාර්තාවට අනුව  ස්ථිර පදනමින්   බදවාගත් නිලධරින් 41 දෙනෙකු සදහා  ගෙවා ඇති මාසික ප්‍රවාහන දිමනාව රුපියල් 2,952,500කි. කොන්ත්‍රාත් පදනම මත බදවාගත් නිලධාරින්  10 දෙනෙකු සදහා රුපියල් 1,160,000 ක මුදලක් ප්‍රවාහන දිමනා වශයෙන් ගෙවා තිබුණි.

මේ පිළිබද ශ්‍රිලංකා රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  එම නිලධාරින් හට ප්‍රවාහන දිමනා ගෙවිම සදහා  අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය ලබාදි ඇති බවය.

මේ සදහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනිම සිදුවෙමින්   පවතින බවද  සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *