බොරුව නවතනු, පොරොන්දු ඉටු කරනු, යන තේමාව යටතේ මෙවර මැයි දින සැමරුම සිදුකරන බව ශ්රීලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මෙම සැමරුම් උත්සවය ලබන මස 01 වැනි දින උදේ 9.30ට පක්ෂ මූලස්ථානයේදී පැවැත් වීමට කටයුතු කරන බවත් ටී.බී ඉලංගරත්න පිළිරුවට එදින උදේ 7.00ට පුෂ්පෝපහාර දක්වන බවත් පවසයි.
මෙවර කම්කරු දිනය පක්ෂය සමග සිටින වෘත්තීය සමිති නියෝජිතයන් විසින් පවත්වන බවද සඳහන් කරයි.
රටේම ජනතාව බලා සිටින්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව නිසා මෙවර විශාල රැලියක් පැවැත් වීමට කටයුතු නොකරන බවත් පවසයි.