නැවතුණු රෝහල් ඉදිකිරීම් අටක වැඩ යළි ඇරැඹේ

සෞඛ්‍ය සේවා ආයතන වල දැනට අතරමග අත්හිටුවා ඇති ගොඩනැගිලි වල ඉදිකිරීම් කටයුතු නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොවිඩ් – 19 වසංගතය සහ ඊට පසුව උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එවකට පැවති මහා පරිමාණ ව්‍යාපෘති නැවත ක්‍රමෝපායකරණ සහ වේගවත් කිරීමේ කමිටුවේ (RAMP) නිර්දේශය පරිදි සෞඛ්‍ය සේවා ආයතන වල සිදු කරමින් පැවති ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

දැනට පවතින සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ වැඩි වන සෞඛ්‍ය සේවා ඉල්ලුම පිළිබඳව සැලකිල්ලට ගනිමින් විවිධ ඉදිකිරීම් අදියරයන්හි පවතින එකී ව්‍යාපෘති සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව මේ වන විට හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, දැනට වැඩ අවසන් කර නොමැති පහත සඳහන් සෞඛ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති 8 ක මුළු පිරිවැය ඇස්තමේන්තු සහ කාල රාමු සංශෝධනය කරමින්, ඒවායේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *