ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ හමුවිය.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ.
රයිසින් බාරට් සමිට් (RisingBharatSummit2025) වැඩසටහනට සම්බන්ධ වූ අවස්ථාවේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් හමුවුණෙමි. ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට එතුමන්ගේ නායකත්වයට හැකිවීම විශාල ජයග්‍රණයකි.