අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (දෙසැම්බර් 03) සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් සඳහා නත්තල් නිවාඩු දින සංශෝධනය කරන ලදී.
ඒ අනුව 2021 දෙසැම්බර් 24 සිකුරාදා සිට 2022 ජනවාරි 02 දක්වා පාසල් නිවාඩු සඳහා වසා තැබේ.
2022 ජනවාරි 03 සඳුදා පාසල් නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව කලින් ප්‍රකාශයට පත් කළ නිවාඩු දින සංශෝධනය කර ඇත. නත්තල වෙනුවෙන් තුන්වන වාර පාසල් නිවාඩු දෙසැම්බර් 23 සිට දෙසැම්බර් 26 දක්වා බව අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.