‘‘ධීවරයා, ගොවියා කම්කරුවා රජකරවන යුගයක් ළඟදීම එනවා‘‘

ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කිරීමට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම සංස්කෘතිය වෙනස් කර ගොවියා, කම්කරුවා, ධීවරයා රජ කරවන වැඩපිළිවෙලක් සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රටේ ජනාධිපතිවරයා රට වෙනුවෙන් වැඩිම කැපකිරීමක් කළ යුතු වුවත් තරු 7 හෝටල් මන්දිරවල සුපිරි ජීවිත ගත කරමින් පොඩි මිනිසාගේ දුක කදුල වේදනාව නොතේරෙන ලෙස ඔහු කටයුතු කරමින් සිටින බවද ප්‍රේමදාස මහතා කීවේය.

නුවරඑළිය හගුරන්කෙත පැවැති සමගි ගොවි සමුළුව අමතමින් ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *