දොරගුළු දැමූ නිවසක් තුළ කාන්තා මළසිරුරක්

වෑකඩ හොරණ පාරේ බ්‍රැන්ඩිය විහාරස්ථානය අසල දොරගුළු දැමූ නිවසක් තුළ මියගොස් සිටි 86 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් අද පානදුර දකුණ පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සොයාගනු ලැබීය.

ඇය විශ්‍රාමික ගුරු යුවළකට අයත් එම නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කර ඇති බව සඳහන් වේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ විශ්‍රාමික ගුරු යුවළ කොවිඩ් වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර සිටින බවය.

කෙසේවෙතත් මෙහෙකාර කාන්තාව පීසීආර් පරීක්ෂණයකට යොමුවීම ප්‍රතික්ෂේපකර ඇති අතර දින හයක් තිස්සේ ඇය මෙම නිවසේ තනිව ජීවත් වී තිබුණි.

ඇයට කොවිඩ් ආසාදනයවී ඇත්ද යන්න තහවුරු කරගැනීම සඳහා පීසීආර් පරික්ෂණයක් සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *