දුෂණ චෝදනා ඇති අය නැවත පොහොට්ටුවට ගන්නේ නැතිලු

ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. අද දින නෙළුම් මාවතේදි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබදව පක්ෂ නියෝජිතයන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද  යන්නෙ වැඩිදුරටත් සාකච්ඡා කල අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නැවත පක්ෂය සමග එක්වීමට පක්ෂය හැරගිය අය බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබෙන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *