දිස්ත්‍රික්ක හතකට නාය යාමේ අනතුරු ඇගවීම්

පවතින වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික්ක හතක (07) ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස බල ප්‍රදේශ විස්සකට නාය යෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක,ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය
ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, බුලත්සිංහල, පාලින්දනුවර සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශවලට

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශයට

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල,යටියන්තොට සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශවලට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශයට

රත්නපුරය දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කලවාන, පැල්මඩුල්ල,නිවිතිගල, යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශවලට පළමු මට්මේ අනතුරු ඇගවීම හා කුරුවිට සහ ඇළපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශවලට දෙවන මට්මේ අනතුරු ඇගවීම සිදුකර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *