කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දින තුනක් තුළ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලිනයකට අධික ප්‍රමාණයක් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ අතර ඊයේ දිනය තුළ පමණක් සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රා 344,458ක් ලබාදී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත් මාත්‍රා 32,288ක් ලබා දී ඇත.