දළදා දැක්ම පැවතිදින දහය තුළදීකසල ටොන් 600ක්බැතිමතුන් විසින් ඉතාමත් අවිධිමත් ලෙසපරිසරයට මුදා හැර ඇතිබව මහනුවරමහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහඝණ අපද්රව්යඒකකයේ ප්රධානීනාමල් ධම්මික දිසානායක මහතා කියයි.
මෙම කසළ අතරසිලි මලු වලට දැමූ මළ මූත්‍ර පවාතිබෙන බව පවසන දිසානායක මහතාඒවා වෙන් කිරීම පවා ඉතා අපහසු කටයුත්තක් වී තිබෙන බවද කියයි.
දළදා දැක්මේ අවසන් දිනය වූ ඊයේ(27) දහවල්12.00 පමණ වන විට කසල ටොන් 528ක්ගුහාගොඩ කසල අංගනයටයොමු කළ බව පැවසූනාමල් දිසානායක මහතාදළදා දැක්ම අවසන් වන විට එය කසලටොන් 600ඉක්මවා යනු ඇති බවද පැවසීය.
එය දළදා වන්දනාවට පැමිණි එක් බැතිමතෙකු විසින්කසල කිලෝග්‍රෑමයක ප්රමාණයක්මුදා හැරීමක් බව පෙනී යන බවදඒ මහතා කීය.
මෙතරම් විශාල කසල තොගයක්එකතුවීමට ප්‍රධාන හේතුව වූයේඉතාමත් අවිධිමත් ලෙසදන්සල් දීම බව පැවසූදිසානායක මහතාඅනවශ්ය ආකාරයට බැතිමතුන්ට දන්සල් දීම හේතුවෙන්ඔවුන් ලබාගත් බොහෝ ආහාරද්‍රව්‍ය ජල බෝතල්මහමග දමා ගොස් තිබූ බවදපැවසීය.
මින් ඉදිරියට මෙවැනි කටයුතු සිදු කිරීමේදීදන්සල් දෙන පුද්ගලයන් සහ ස්වේච්ඡා සංවිධානමනා කළමනාකරණයකට ලක් කළ යුතුව තිබෙන බවද පැවසීය.