දළදා වඳින්න අද සහ හෙට එන්න එපා

දළදා වන්දනාව සඳහා අද (24) සහ හෙට (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.

මේ වන විටත් ලක්ෂ තුනකට අධික බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සඳහා පෝලිම් සැදී සිටින අතර ඉදිරි දින දෙක තුළදී පැමිණෙන බැතිමතුන්ට දළදා වහන්සේ වන්දනා කිරීමට නොහැකි වනු ඇති බව පොලිසිය කියයි.

මේ වන විටත් බැතිමතුන් විශාල පිරිසක් දිගු පෝලිම් සැදී සිටින බවද පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ ඉදිරි දින දෙක ඇතුළතත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණියහොත් ඔවුන්ට දළදා වන්දනාව සිදු කිරීමට නොහැකි වනු ඇති බවය.

සිරි දළදා වන්දනාව ඉකුත් 18 වැනිදා ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *