‘දඹුල්ල තන්ඩර්ස් ‘ කණ්ඩායම් හිමිකරු යළි රිමාන්ඩ්

ලබන මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කලේ යයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි   බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ලබන 07 දක්වා යලි රක්ෂිත  බන්ධනාගාරගත  කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළින ගමගේ මහතා මහතා නියෝග කළේය.

සැකකරු තරඟ පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ සම්පූර්ණ දුරකථන සංවාදය අධිකරණයට  ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අධිකරණ නියෝග පරිදි කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 22 දින සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *