’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු  “තොරොම්බෝල් කඩ” පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වාහන වල කෑලි ගලවන බවට පහුගිය කාලයේ චෝදනා එල්ල වුණා. අපි ඒ කෑලි ගැලෙව්වා නොවේ.ඒ කළේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පමණයි.

මේ නීතිය තදටම ක්‍රියාත්මක වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් කරන්නට අප කටයුතු කරනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *