තෙල් ඉල්ලා රුසියානු තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතා…

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වා තිබේ.

විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය විසඳීමට රුසියාවට මැදිහත් වන ලෙසයි.

ඉන්දියාවට මෙන් ශ්‍රී ලංකාවට ද අඩු මිලට ඉන්ධන ලබා දෙන්නයි ඔවුන් ඉල්ලා ඇත.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ මහජන යුතුකම් කේන්ද්‍රය ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසකි.

එම ඉල්ලීම් ඇතුලත්ව විරෝධතාකරුවන් විසින් තානාපති කාර්‍යාලයට සංදේශයක් ද භාර දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *