ඉදිරි සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
ඒ අනුව, අනිද්දා (07) දිනයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේය.
ලබන බදාදා දිනයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර බ්‍රහස්පතින්දා දිනයේ සබරගමුව විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
මීට අමතරව ඉදිරි සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව, ලබන බදාදා දිනයේ අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබේ.
මේ අතර මෙම මාසය සඳහා පාර්ලිමේන්තුව 07 වන අඟහරුවාදා පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය.
07 වනදා සිට 10 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්විමට නියමිත අතර ලබන 10 වන දින පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන සහ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත් දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතව තිබේ.