තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු දෙවැනි 20යි විස්ස ජාත්‍යන්තර තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ කඩුළු 07කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමිනි.

වර්ෂාව හේතුවෙන් පළමු ඉනිමෙන් අනතුරුව තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ක්‍රීඩා කළේය.

ඒ අනුව තරගය ජය ගැනීමට ඉන්දියාවට පන්දුවාර 08ක දී ලකුණු 78ක ඉලක්කයක් හිමි විය.

එහිදී පන්දුවාර 06යි පන්දු 03කදී කඩුළු 03ක් දැවී ලකුණු 81ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය ඉන්දීය කණ්ඩායමට හිමි විය.

තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමට ය.

ඒ අනුව පළමු‍වෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 161ක් රැස් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *