කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැන්වලට භාවිත කරන ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 2ක් (අක්කර 5ක්) නොඉක්මවන පරිදි දිරි දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
කාබනික පොහොර නිපදවීමට ගොවීන් දිරිමත් කිරීම සඳහා ඊට අදාළ යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කර තිබුණි.