තම ඡන්ද පොළේදී ඡන්දය දෙන්න බයනම් වෙනත් ඡන්ද පොළක්

සැප්තැම්බර් 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ට නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී තම  ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති  ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ සඳහා වූ අයදුම්පතක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්  /තේරීම් භාර නිලධාරී වෙතින් ලබාගෙන නිසි ලෙස පුරවා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලවා සහතික කර    අගෝස්තු 01 දා හෝ ඊට පෙර  මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලය වෙත එවිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව මගින් ජූලි 26 දා මේ පිළිබඳව    නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *