ශ්රී ලංකා පොදුජන පෙරමුණ සිය සම්මේලනයට සමගාමීව ඇතැම් ප්රදේශවල ප්රදර්ශනය කර තිබූ කොඩි කණුවල සහ පාක්ෂිකයින් පැමිණෙන මඟ දෙපස කිසියම් පිරිසක් තණකොළ එල්ලා තිබෙනු දක්නට ලැබුණි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ මහා සම්මේලනයට සමගාමීව කොළඹ ඇතුළු දිවයිනේ සෑම ප්රදේශයකම ප්රධාන නගරවල මාර්ග දෙපස කොඩි ප්රදර්ශනය කර තිබුණි.
ඇතැම් ස්ථානවල එම කොඩි කණුවල කිසියම් පිරිසක් තණකොළ සහ පිදුරු එල්ලා තිබුණු අයුරු ඉහත වීඩියෝවේ දැක්වේ.
මඟ දෙපස තණකොළ එල්ලා තිබීම සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් ද අදහස් පළ කළේය.