ඩෙංගු මඩින්න කියුබා සහය

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද පැවසීය.

ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ පෙන්වා දුන්  කියුබානු තානපතිවරයා ශ්‍රී ලංකාවේ ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා අවශ්‍ය මහජන සෞඛ්‍ය වැඩසටහන් වලට අවශ්‍ය විශේෂඥ දැනුම බෙදා හදා ගැනීම කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා  හමුව  ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.

ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *