ඩීසල් – පෙට්‍රල් – භූමිතෙල් මිල ඉහළට

ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව  ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ද, ඉහළ දැමූ බවත් ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289 ක් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 305 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185 ක් ද, දක්වා ඉහළ ගිය බවත් එම සංස්ථාව කියයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක තව දුරටත් නොවෙනස්ව පවතින බව ද එම සංස්ථාව වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *