වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකි.
මෙම සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නායක පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඩෑන්ඩ් ප්‍රියසාද් නැමැත්තාගේ සොහොයුරා ඝාතනයට ද සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.