ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
සැකකරු ආවරණය කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුරුදා ලක්වාලි මහත්මිය හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය එම අවසරය ලබා දී තිබිණි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදුකිරම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වෑබඩ උතුර පදිංචි බන්දුල බියල් නමැති සැකකරු අත්අඩංගුවට ගත් ගෙන තිබුණේ කුරුඳුවත්ත පොලිස් වසමේදීය
පොලිසිය විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සහ සැකකරුට අපරාධය සමඟ තිබෙන සම්බන්ධය දැක්වෙන සවිස්තර වාර්තාවක්ද අධි අධිකරණය වෙත ඉදිරිපත් කළේය