ඩයනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ලක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරු පෙත්සමෙන් සඳහන් කරන්නේ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුනක් දැරීමට සුදුසුකමක් නොමැති බවට ඉකුත් 08 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් බවය.

ඒ අනුව ඉකුත් 09 වනදා ඇය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ ප්‍රකාශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *