ටිරාන් – දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක්

කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් හරක් කටා නැමැත්තා නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණ භූමියට රැගෙන විත් නැවත ඔහු බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී රුපියල් කෝටි තිහක මුදලක් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (15) විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *