ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩ එයි

ලියාදිංචි නොකළ වාහනයක් පරිහරණය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගරගත කර සිටින පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට ඊයේ (25) පෙරවරුවේ පැමිණීයේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී ජොන්ස්ටන් ප්‍රනානදු මහතාගේ සුවදුක් විමසා පිටව ගියේය.

පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගරකාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන මහත්වරු ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට ඊයේ බන්ධනාගාරයට පැමිණියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *