ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක්

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට රුපියල් කෝටි 11 1/2ක දඩයක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා නියම කලේය.

මෙරටට ආවේනික දුම්බර අං කටුස්සන්, පලා කටුස්සන්, ඇහැටුල්ලන්, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේනික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230 ක් රැස් කිරීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමෙන්තුව එක් විත්තිකරුවකුට චෝදනා 1067 බැගින් ගොනු කළ චෝදනා 2134කට වරද පිළිගත් රුසියානු සිසුන් දෙදෙනාට එලෙස දඩ නියම කළ මහෙස්ත්‍රාත්වරයා සම්පුර්ණ දඩ මුදල් ගෙවනතුරු විත්තිකාර රුසියානුවන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගත්තේය.

චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම වුයේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) නමැත්තන්ටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *