ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී හෙට (19) පස්වරු 4ට පැවැත්වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි.

ත්‍රස්තවාදය අවසන් කරන විට  ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆොස් රොෂාන් ගුණතිලක  මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වෙති.

ජාතික රණවිරු දින සැමරුම් උත්සවයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුඛසාන වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිතය.

රණවිරු උළෙලේදී ආරාධිතයින් , හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල් වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම සහ හමුදා සම්ප්‍රදායානුකූලව ගරු බුහුමන් දැක්වීම මෙහිදී  සිදු කෙරේ.

මෙම ජාතික රණවිරු දින සැමරුමේ අරමුණ වන්නේ දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවි හිමියෙන් සටන් කළ රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ගෞරවය පිරිනැමීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *