‘ජල බැටරිය’ විදුලි ව්‍යාපෘතිය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පළමු ‘ජල බැටරිය’ වන ‘මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය’ ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය.  

මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩාකර, ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයන බව ඒ මහතා කීය.

2030 වන විට විදුලි උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සපුරාගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති බවත් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුනර්ජනනීය බලශක්තිය කරා යන පරිවර්තනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර, වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගැනීම එහි ඉලක්කය බවත් ධම්මික විමලරත්න මහතා වැඩි දුරටත් කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *