ජනාධිපතිවරණයට අපේක්‍ෂයකන් බුරුත්තක් ආවොත් රට කපෝති

ජනාධිපතිවරයෙක් පත්කිරීමට අපේක්‍ෂකයන් 10 ක් ඉදිරිපත් කර ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් රට මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි බවත් එසේ වුවහොත් නිදහස ජනතා සන්ධානය ප්‍රතික්ෂේප කරන දේශපාලන සහ අර්ථික වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.

වර්තමාන රජය ගෙනියන ආර්ථික වැඩපිළිවෙළ අසාර්ථක නිසා එය පරාජය කිරීමට නම් ඊට විරුද්ධ සියලුම බලවේග එකරාශී වියයුතු බව කී ගුණපාල රත්නසේකර මහතා යම් ආකාරයෙන් විසිරී සිටින එම පිරිස ඒකරාශී කිරීමේ කටයුත්තේ නිදහස ජනතා සභාවේ ඉතිරිව සිටින කණ්ඩායම නිරතව සිටින බව ද සඳහන් කළේය.

නිදහස ජනතා සභාව පක්‍ෂ නොවන්නාක් මෙන්ම ළමා සමාජයක් ද නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වූ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් බවත් එම කණ්ඩායම රජයේ පිළිවෙතටත් විරුද්ධ වෙමින් ස්වාධීන අදහස් පළකරමින් පාර්ලිමේන්තුව තුළ නිදහසේ කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීය.

එම කණ්ඩායමේ සාමාජිකයන් තුළ ද නිදහස් සිතුවිලි තිබීම නිසා තමන් කැමති දේශපාලනයක නතර වී ස්ථානගත වීම සඳහා සියලු දෙනාට නිදහස ඇති බවත් නිදහස ජනතා සභාවේ ඉතිරිව සිටින පිරිස යම් වැඩපිළිවෙළකට එකඟ වී ජනාධිපති අපේක්‍ෂකයෙක්ට සහයෝගය දක්වන්නේ යැයි මතයේ සිටින බවත් ඒ මහතා කීය.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු ගෝඨභය රාජපජෂ මහතා ජනාධිපති කර ආසාර්ථක වූ කණ්ඩායමක් බව කී ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේ  කිසියම් ජනාධිපති අපේක්‍ෂකයෙක් සිය වැඩපිළිවෙළට එකඟ වෙන්නේ නම් ඔහුට සහයෝගය දක්වනවා මෙන්ම මහ මැතිවරණයකදී සන්ධාගත වන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *