ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවියක්

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.

මෙමගින් ජනාධිපති අරමුදල වෙතින් සපයන සේවාවන්ට අදාල යාවත්කාලීන වූ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර වෛද්‍යාධාර ලබා ගැනීමට අදාල අයදුම්පත බාගත කරගැනීමේ හැකියාව ද පවතී.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර, ජනාධිපති අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයාන් මොරලියගේ සහ ජනාධිපති අරමුදලේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.බොතේජු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *