ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කළේ ෆොන්සේකා මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදුන් නිසා යැයි දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ෆොන්සේකා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ හැටන් වැලිඔය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
දිගම්බරම් කියා සිටියේ ෆොන්සේකා තමන් නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් විවේචනය කළ පුද්ගලයෙකු බවයි.
හමුදා මානසිකත්වයක් ඇති ෆොන්සේකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කඳවුරට එක්වීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවද ඔහු පැවසීය.