2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද( 10) සිට මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රි රත්නායක මහතා පැවසීය.
ඒ අනුව මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනයට තම නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වූ පිරිස් හට අද සිට මැයි දහවෙනිදා දක්වා ඊට අවස්ථාව සැලසේ .
.නම ඇතුලත් කර ගැනීම ග්රාම නිලධාරී කාර්යාලය ට හෝ මැතිවරණ කාර්යාලයට හෝ ගොස් කළ හැකි වේ .එසේ නැතිනම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස නම ඇතුළත් කරගත හැකි බව ඒ මහතා කීය.