ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ලබන 21 රැස්වී තීරණයක් ගැනීමට නියමිතය.
ඔහුගේ එම ප්‍රකාශයෙන් මැතිවරණ නීතිය උල්ලංඝනය වන බව පෙනී යන්නේ යැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනපතිගේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවයි.
එම පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කර තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරම ප්‍රදේශයේ ජනරැලියකදී පැවසීය.
ජාතික ජන බලවේගයෙන් පිට පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් මුදල් වෙන් කිරීමේදී දහ වතාවකටත් වඩා විමසා බලන්නට සිදුවන බවත් ඊට හේතුව ඔවුන්ගේ ඉතිහාසය පිරිසිදු නැති නිසා බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කීවේය.