ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූහ.
කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස් මහතා ඩ්‍රම්ස් වාදනයෙන් ද ,නදිනි ඔලෙගසෙග්‍රෙම් මහත්මිය සහ හේමාල් කුරුවිටාරච්චි මහතා ආරාධිත ශිල්පීන් ලෙසද සහභාගි වූ අතර සෝල් සවුන්ඩ්ස් ඇකඩමියෙහි ගායනා කණ්ඩායමේ සහාය ගායනයෙන් මෙම ප්‍රසංගය රසවත් විය.