ජනපති – මහා භාණ්ඩාගාර නිලධාරී හමුවක්

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාර නිලධාරීන් හමුවේ පැවසීය.

ආර්ථික ජයග්‍රහණ සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම  එකවර ඉහළට එසවිය යුතුව ඇතැයි  ජනාධිපතිවරයා කීය.

ජනපති සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අතර හමුව මුදල් අමාත්‍යාංශයේදී  පැවැත්විණි.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල්  විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා  සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික  ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්,  ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක්  බවට පත් කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,  මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *