ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජලය, සූර්යබලය සහ සුළං වැනි පුනර්ජනනීය මූලාශ්‍ර බලශක්ති උත්පාදනය සඳහා යොදා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් හමුවීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
‘සෞභාග්‍යය සහ තේජස පිළිබඳ දැක්ම’ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව, 2030 වන විට සමස්ත බල සැපයුමෙන් 70%ක් ජනනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට රජය අපේක්ෂා කරයි.
රට තුළ පවතින බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස කෙටි කාලයක් තුළ පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගේ දායකත්වය ලබා ගැනීමේ හැකියාව ද මෙහිදී ගවේෂණය කෙරේ.
අයදුම්පත් ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අනුමත කිරීමේ ප්‍රමාදයන් සොයා බැලීම මෙම සංචාරයේ තවත් අරමුණක් විය.