ජනපති කුළුබඩු මන්දිරයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාවේ “කුළුබදු මන්දිරය” නිරීක්ෂණය කළේය.

‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන සඳහා ජනාධිපතිතුමාගේ සංචාරය අතරතුර මීමුරේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව මෙම අලෙවි මණ්ඩලය යළි ස්ථාපිත කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තේය.

ඒ අනුව දුර පළාත්වල ගොවීන් තම නිෂ්පාදන අලෙවි කිරීමේදී සහ ප්‍රචලිත කිරීමේදී මුහුණ දෙන ගැටලුවලට පිළියමක් ලෙස කුළු බඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය අගෝස්තු මාසයේදී පිහිටුවන ලදී.

1972 වර්ෂයේ පිහිටුවන ලද මෙම මණ්ඩලය ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන තුරු ලේඛනයකට සීමා වූ අක්‍රිය ආයතනයක් ලෙස පැවතිණි.

ගොවියාට උපරිම මිලක් ලබාදීම, පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීම, වෙළෙඳපොළ පර්යේෂණ, සම්බන්ධීකරණය, නියාමනය සහ පෝෂණය පවත්වාගෙන යාම ඇතුළු ගැටලු රැසකට නිසි විසඳුම් ලබාදීමට රජය අපේක්ෂා කරයි. ඖෂධීය ගුණය.

කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය බත්තරමුල්ල, මාදිවෙල, නුගේගොඩ, පඹහින්න, රත්නපුර, කලවාන, කිරි ඇල්ල, කොටමුල්ල සහ පල්ලෙබැද්ද යන ප්‍රදේශවල මාස හතරක් ඇතුළත ශාඛා 10ක් පිහිටුවා ඇත.

11 වැනි ශාඛාව දෙසැම්බර් 31 වැනිදා සෙවණගලදී විවෘත කිරීමට නියමිතය.දේශීය කුළුබඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා අත්පත් කර ගැනීම සඳහා නයිජීරියාව, ප්‍රංශය, රුසියාව, බංගලාදේශය, ජපානය වැනි රටවල් සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා ඇත.

කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මේ වන විට මසකට නිෂ්පාදන මිලියන 20කට අධික ප්‍රමාණයක් මිලදී ගන්නා අතර නුදුරු අනාගතයේ දී සිය ශාඛා ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *