ජනපති ඉරාන තානාපති හමු වෙයි

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත  සුබපැතුම් පළ කළ තානාපතිවරයා ඉරාන ජනාධිපති මසුද් පෙසෙෂ්කියාන් (Masoud Pezeshkian) මහතාගේ විශේෂ සුබපැතුම් පණිවිඩය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

මැදපෙරදිග වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක පියවර පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉරාන තානාපතිවරයාව දැනුවත් කරනු ලැබීය.

වෙළෙඳාම, තාක්‍ෂණය, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල නව වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට ද තානාපතිවරයා මෙහිදී සහතික විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *