ජනපති ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ  ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන පියවර මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ගේ ඇගයීමට ලක් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ  මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ  සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළේය.

හුති කැරලිකරුවන් සම්බන්ධයෙන් සෞදි අරාබියේ ස්ථාවරත්වයට සහාය පළ කරමින් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටින බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *