ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉවත් වන බව නිලවශයෙන් නිවේදනය කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විහේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
සමඟි ජනවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ සිදුවන ඇතැම් අසාධරණයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ එම පක්ෂයට මෑතකදී එකතු වූ පිරිස්වලට සාධාරණය ඉටු නොකිරීම යන හේතූන් මුලික කරගෙන එම පක්ෂ ඉවත් වන බවත් ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බවත් ජගත් කුමාර මහතා සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයට තමන් තරග කිරීම නිසා සමඟි ජනබලවේගයට ආසන හතරක් හිමිවූ බවත් එසේ නොවුණේ නම් එම පක්ෂයට ආසන තුනක් පමණක් හිමිවන බවත් ඒ මහතා කීය.
සමඟි ජනබලවේගයේ ඇතැම් සංවිධායකයන්ගේ මහ මැතිවරණය අතරතුරදී ඇතිවූ බලපෑම් හේතුවෙන් තරග කිරීමෙන් ඉවත්වීමට සූදානම් වුවද එය නොකළේ ද ප්‍රේමදාස මහතා දුන් පොරොන්දු හේතුවෙන් බව කී ජගත් කුමාර මහතා ඡන්ද අවසන් වී මාසයක් ගතවුවද ප්‍රේමදාස මහතා දුරකථන ඇමතුමක් හෝ නොදුන් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.