ඡන්දය ගන්න 5000 බෙදූ ව්‍යාපාරිකයා අල්ලයි

ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා රුපියල් 5000  බැගින් අවට පදිංචි නිවැසියන්ට බෙදාදුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මුතූර් පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26 ක කින්නියා ප්‍ර දේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බව පොලිසිය පවසයි.

ජනාධිපතිවරණය ඉලක්ක ගත කරමින් සැකකරු පෙරිය මුල්ල පාලම අසල පුද්ගලයකුගේ නිවෙසේ මුදල් බෙදාදීමක් සිදුකර බවට මුතූර් පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ විමර්ශනවලින් අනතුරුව නිවෙසේ සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා අවට පදිංචි පුද්ගලයන්ට රුපියල් 5000 බැගින් බෙදාදී ඇති අතර එම ප්‍රදේශයේ වෛද්‍යවරයකු ඉදිරියේදී දේශපාලනට පිවිසීම අරමුණු කරගෙන ජනාධිපති අපේක්ෂවරයා ප්‍රවර්ධනය කර ඇති බව අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *