පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව මුද්‍රණය කිරීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් අතිරේක මුදලක් වැයකිරීමට සිදුව ඇති බවත් රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.
සියලුම තැපැල් ඡන්ද පත්‍රිකා මීට පෙර මුද්‍රණය කර තිබුණ ද නඩු තීන්දුවලට අදාල සියලුම පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණ කිරීමට සිදුව ඇති බවත් පළාත් පාලන ආයකන 249 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබුණ ද ඒවායේ ද අධිකරණ තීන්දුවට අදාල පළාත් පාලන ආයතන සැළකිය යුතු සංඛ්‍යාවක් ඇති බවත් පුෂ්පකුමාර මහතා කීය.
එම පළාත් පාලන ආයතනවල ද සියලුම ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණ කිරීමට සිදුව ඇති බවත් ඒ සඳහා දින කීපයක් ගතවනු ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.