LK reports news sinhala

ඡන්ද දෙකම එකට තියන්න නීතියෙන් ඉඩක් නෑ – මැතිවරණ කොමිෂන්  සභාවේ අධ්‍යක්ෂ ජනරාල්

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකට පැවැත්වීමට හැකි නීතිමය පසුබිමක් රටේ නැතැයි මැතිවරණ කොමිෂන්  සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පැවසීය.

මැතිවරණ දෙකම එකට පැවැත්වීම ජනප්‍රිය මාතෘකාවක් වුවත් එමගින් වියදම අඩුවේදැයි යන්න ගැටළුවක් බවත්  සමහර විට මෙය වියදම වැඩිවීමට බලපාන කාරණයක් විය හැකි බවත් ඔහු කීවේය.

නිශ්චිත කාලවලදී ඒ ඒ මැතිවරණ  පවත්වන්නේ නම් කිසිදු ගැටලුවක්  මතු නොවන බවද රත්නායක මහතා කීය.

මේ වර්ෂයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන්  සභාව  සූදානම් බවද   අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *