චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක්  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී  හමුවිය.

පාර්ලිමේන්තුව ජනතා අභිලාෂයන් ආරක්ෂා කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී කීය.

කෘෂිකර්මාන්තය, තාක්ෂණය සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි චීන ලංකා  සහයෝගීතාවය වර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *