චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව සංධානයක්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊයේ (29) සාකච්ඡා කෙරුණු බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බව අමාත්‍යවරයා කීය. එම නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය වෙනුවට පුටුව යොදාගැනීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මෙම සාකච්ඡාව සිදුකෙරුණු බවද අමරවීර මහතා වැඩිදුරටත් කීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *