ගෝඨාභයගේ හිටපු ව්‍යායාම උපදේශක කුඩුත් එක්ක මාට්ටු

ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්‍රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරික ව්‍යායාම උපදේශකයකු වශයෙන් ද කටයුතු කරමින් හිටපු ජනාධිපතිවරයා සමග සමීපව සිට ඇති මෙම සැකකරු ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීමෙන් පසු යුද හමුදාවෙන් ඉවත් වී ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

යහලතන්න නෙල්ලිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියෙකු වන සැකකරු හෙරෝයින් මත්කුඩු ජාවාරම් කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *