ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට පාසල් ආරම්භ කරන ලබන 21 වැනිදාට පෙර විසඳුම් නොලැබුණහොත් එදින සේවයට වාර්තා නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නිවේදන කර තිබෙනවා.
21 පාසල් විවෘත කිරීමට පියවර ගෙන ඇති පසුබිමක ඊට පෙර ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ ගැටලුවට විසඳුම් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දින 13 තුළ තීරණයක් ගැනීමට රජයට හැකියාව ඇතැයි කී මහින්ද ජයසිංහ මහතා එසේ නොකළහොත් ලබන 21 වැනිදා පාසල් ආරම්භ කරන විට මීට වඩා දැඩි ක්රියාමාර්ග ගැනීමට තම වෘත්තීය සමිතිවලට සිදුවන බව ද සඳහන් කළේය.
සියලු විදුහල්පති හා පරිවෙණාධිපති රැස්වීම් වර්ජනය කරන්නට මේ වන විටත් වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.